ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරනවා

Share

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ නෙලුම් පොකුණ රගහලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණූ සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මම අගය කරනවා. දුම්කොළ භාවිතය අවම කිරීම සදහා ගත් ක්‍රියාමාර්ග ඉතා වැදගත්. වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ගයත් ඉතා වැදගත්. දුම්පානය අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග අතුරින් තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීම ඉතාම ප්‍රතිඵලදායකයි. ශ්‍රී ලංකාව ආදායම් අඩු රටක් වුවත්, ඉහළ ආදායම් ලබන රටක් ලෙස ඉළක්ක ලගා කරගෙන සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීමට සැළසුම් කර ඇත්තේ වසර 2030 දී නමුත් ශ්‍රී ලංකාව දැනටමත් ඇතැම් සංවර්ධන ඉළක්ක ලගා කර ගෙන සිටීම ඉතාම වැදගත්. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම ප්‍රශංසනීයයි. ලක් රජය සෞඛ්‍ය වෙනුවෙන් අතිවිශාල වියදමක් දරනවා. දකුණු ආසියානු කළාපයේ රටවල් හා සසැදීමේ දී ශ්‍රී ලංකාව සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට අවධානය යොමු කිරිම මම අගය කරනවා. බෝනොවන රෝග පාලනය කිරීමේ දී ගෙන ඇති ක්‍රියාමාර්ග ලොව අනෙකුත් රටවලට ආදර්ශයක්. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල මිල පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග අගය කළ යුතුයි. එම ඉළක්කයට පහසුවෙන් ලගාවිය නොහැකියි. එම ඉළක්කය ජය ගැනීම තුලින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සෑම තැනකම සතුරන් ඇතිවෙන්න පුලුවන්. නමුත් ලක් රජය එම ඉළක්කය ජය ගැනීම අගය කරනවා.”

Read more

Local News