බර ඉසලීමේ ඉසව්වට තරඟ කළ කණ්ඩායම අද දිවයිනට

Share

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසලීමේ ඉසව්වට තරඟ කළ කණ්ඩායම අද (11දා) දිවයිනට පැමිණියේය.

බර ඉසලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඔවුන්ව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

බර ඉසලීමේ ඉසව්වෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක්, චතුරංග ලක්මාල් හා දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කම බැගින් ජයග්‍රහණය කළහ.

Read more

Local News