උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට නෝර්වේ රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමක්

Share

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට නෝර්වේ රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමක් පසුගිය දා දිවයිනට පැමිණියේය.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වී තිබෙන ගැටළු සහගත තත්ත්වයන් වන ජල කාන්දුව හා ජල මූලාශ්‍ර සිඳී යාමට හේතුව නෝර්වේ රාජ්‍යයේ විශේෂඥයින් පෙන්වා දී තිබේ.
විධිමත් නම්‍යතා වැඩසටහන් හා අධ්‍යයනයන්ගේ හිඟකම ඊට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ වන විටත් ජර්මානු විශේෂඥයෙකු එම ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවයි.
ඔහුගේ අදහස් සහ යෝජනා අනුව පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් සිදු විය හැකි හානිය අවම කර ගැනීමට උපරිම නවීන තාක්ෂණය භාවිතා කර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Read more

Local News