ෆේස්බුක් සමාජජාලය අහිතකර තත්ත්වයන් හමුවේ ද කැපී පෙනෙන වර්ධනයක්

Share

ෆේස්බුක් සමාජජාලය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට ඇතිවූ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද මෙම වසර් පළමු වැනි කාර්තුවේදී සමාගමේ විකුණුම් 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

එම සමාගම පවසන්නේ වසරේ පළමු වැනි මාස තුන තුළ ඇ.ඩො.බිලියන 11.9ක විකුණුම් ආදායමක් වාර්තා වන බවයි. එය පසුගිය වසරේ වාර්තා වූ ඇ.ඩො.බිලියන 8 සමග සැසඳීමට ලක්කරමින් මෙම වර්ධනය පෙන්වා දෙයි.

සමාගම මුහුණදුන් වඩාත් වැදගත් අභියෝග හමුවේ වුවද, 2018 වසරේදී ව්‍යාපාරය වඩාත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසයි.

Read more

Local News