ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ නිලධාරී කණ්ඩායම වැඩ භාර ගනියි

Share

ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ 2018 නිලධාරී කණ්ඩායම ඊයේ (02) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

2016 ශ්‍රී ලංකා විදේශ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව හා 2017 මාර්තු මස 17 වැනි දිනැති අංක 2011 දරන ගැසට් නිවේදනය අනුව 2017 වසරේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවෘත තරග විභාගයක් මගින්, 21 දෙනකුගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට පත්කරන ලදී.

Read more

Local News