ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත්අඩංගුවට පත්වීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය

Share

අල්ලස් චෝදනාවක් මත ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත්අඩංගුවට පත්වීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන ලෙස නියෝග කළ ජනාධිපතිතුමා ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සියලු බලධාරීන්ට දන්වා සිටී. අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Read more

Local News