පොහොර සහනාධාරය ලබාදීම වෙනුවෙන් මේ වසරේ පමණක් මිලියන 32500ක්

Share

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, පොහොර සහනාධාරය ලබාදීම වෙනුවෙන් මේ වසරට පමණක‍් රජය මඟින් රුපියල් මිලියන 32500 ක මුදලක් වෙන් කර ඇති බවයි.

මෙරට වී, එළවළු, පළතුරු සහ අතිරේක බෝග වගාවල අස්වනු ඉහළ නැංවීමටත් ඒ සඳහා යෙදෙන ගොවීන් දිරි ගැන්වීමටත් මෙතරම් විශාල මුදලක් රජය විසින් වෙන් කර තිබේ.

දිනෙන් දිනම බෝ නොව රෝගවලට ගොඳුරු වන ජනතාව ඉන් බේරා ගැනීම සඳහා වස විසෙන් තොර කාබනික පොහොර වගාව කෙරෙහි ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද පැවසිය.

Read more

Local News