ජනපති ප‍්‍රධානත්වයෙන් පුලතිසි පිළිකා සුවසරණ සංගමය පිහිටුවීම සිදු කෙරේ

Share

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අසරණ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර සේවා ලබා ගැනීම පහසුකරලීම සහ කැපකරු ක‍්‍රමයක් යටතේ ඔවුන්ට සේවා සැපයීමේ අරමුණින්, පුලතිසි පිළිකා සුවසරණ සංගමය, පිහිටුවීම පොළාන්නරුව මහ රෝහල් ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ඒ ඊයේ (07) දින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

පුලතිසි පිළිකා සුවසරණ සංගමයේ ප‍්‍රධාන අනුශාසකවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී පත්කර ගත්තේය.

සභාපති ධූරය සඳහා කඳුරුවෙල ජයන්ති රජමහා විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමිපාණන් වහන්සේ තෝරා පත් කර ගැනිණි.

සංගමයේ උපදේශක මණ්ඩලය සහ විධායක සභාව තෝරාපත් කර ගැනීම ද මෙහිදී සිදුවිය.

Read more

Local News