මැලේසියාවේ පාලන බලය නැවතත් ආචාර්ය මහතීර් මොහොමඩ්ට

Share

මැලේසියාවේ මහ මැතිවරණයෙන් පසු මැලේසියාවේ පාලන බලය නැවතත් තමන් යටතට ගැනීටමට ආචාර්ය මහතීර් මොහොමඩ් සමත්වී ඇත. ඒ ඔහු පෙරමුණ ගත් විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කිරීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 92 හැවැරිදි මහතීර් මොහොමඩ් ‍ලෝකයේ වයස්ගතම ඡන්දයෙන් පවත්වූ නායකයා ලෙස වාර්තා අතරට එක්වෙන බවයි.

මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය වැඩිම කාලයක් දැරූ අග්‍රාමාත්‍යවරයා වන මහතීර් මොහොමඩ් 1981 වසරේ සිට 2003 දක්වා බලයේ සිටියේය.

නැවතත් ඔහු වසර 15කට පසු මැලේසියාවේ පාලන බලය ලබා ගැනීමට සමත්විය.

Read more

Local News