කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි.
පසුගිය වසර දෙක තුළ වගා කන්න පහක් නියඟය නිසා සමහර ප්‍රදේශවල ගොවිජනතාවට වගා කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකි විය. එම කාලය තුළ ගොවි ජනතාවට නියං සහනාධාර ලබා දීමට රජය විසින් රු. මි. 38,000ක මුදලක් වැය කර තිබෙන අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් මෙම වර්ෂය තුළ පොහොර සහනාධාරය ලබා දීමට දැනටමත් රු.මි. 32,500ක මුදලක් වෙන් කර තිබේ. එමෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම මගින් මේ වනවිටත් සියලුම කටයුතු යොදා ඇත. සියලුම දිස්ත්‍රික්කවල පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත ඔවුන්ගේ ඇණවුම් කර ඇති පරිදි රු. 500ට ලබා දෙන අවශ්‍ය පොහොර තොග සැපයීමට කටයුතු කර ඇත.
එමෙන්ම 1500 ට ලබා දෙන පොහොර නිකුත් කිරීම ඊයේ දින සිට ආරම්භ කර ඇති අතර ලබන සතිය වනවිට දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් පොහොර හිගයක් වාර්තා නොවිය යුතු යැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි පොහොර ගබඩාවලට අවශ්‍ය පොහොර තොග සපයා ඇති අතර ගොවි ජන මධ්‍යස්ථානවලට එම ගබඩාවලින් පොහොර ලබා ගැනීමේ හැකියාව පවතී.
කෙසේ වුවද අපේ රටේ ගොවීන්ට කළට වේලාවට අවශ්‍ය වතුර ටික හා පොහොර ටික ලබා දීමට සියලු රජයේ නිලධාරින්ට වගකීමක් තිබෙන බව පැවසු අමාත්‍යවරයා එම වගකීම් පැහැර හරින නිලධාරින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසීය.