අගමැතිගෙන් මැලේසියාවේ අගමැතිට සුබ පැතුම් පණිවුඩයක්

Share

මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරයට පත්වූ මහතීර් මොහොමද් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ,

“ඉකුත් පැවැති මහ මැතිවරණයෙන් ඔබ ලැබූ ජයග්‍රහණයට මාගේ සුබ පැතුම්. ඔබේ ප්‍රඥාව, විවිධාංගීකරණය වූ අත්දැකීම්, ඔබේ කැපවීම හා දැක්ම මැලේසියව සෞභාග්‍යයෙන් පරිපූර්ණ රටක් බවට පත් කිරීමට මඟ පාදවනු ඇත.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතීතයේදීත් වර්තමානයේදීත් සාම්ප්‍රදායික සහ දීර්ඝකාලීන මිත්‍රත්තවයක් පවත්වාගෙන පැමිණි රටවල් දෙකක්. මෙම සාම්ප්‍රදායික හා නූතන මිත්‍රත්වය අද වනවිට විවිධ පැතිකඩවලට පැතිර ගොස් තිබෙනවා.

මෙම සමීප, ශක්තිමත් සහ සුහද මිත්‍රත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි මා විශ්වාස කරනවා. එම මිත්‍රත්වය අනාගතයේදීත් අපේ රටවල් දෙකට බොහෝ ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

මා නැවත වරක් ඔබට සුබ පැතුම් එක් කරනවා. ඔබේ රාජකාරී කටයුතුවලටත් පෞද්ගලික සුබ සිද්ධියටත් මගේ උණුසුම් සුබ පැතුම්”.

Read more

Local News