මියගිය රණවිරුවන් සිහිපත් කරමින් අලෝක පුජාවක් කැලණිය රාජමහා විහාරස්ථානයේ දී

Share

එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින අද (19) ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ‘ආලෝක පුජාව’ පවත්වනු ලබයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇති ව කැලණිය රාජමහා විහාරස්ථානයේ දී මෙම ආලෝක පුජාව පැවැත්වීමට නියමිතය.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන මෙම ආලෝක පුජාවේ දී දේශයේ යහපත් හෙට දිනක් උදාකිරිමට මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පුජා කරමින් හා අප්‍රතිහත කැපකිරීම් සිදුකරමින් වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කලාවුද විරෝධාර ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව පහන් 28,619 ක් දල්වනු  ලබයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් මහා සංඝරත්නය වෙත ආරාධනය කිරිමෙන් පසු කැලණිය රාජමහා විහාරස්ථානයේ දී හේවිසි නාද මධ්‍යයේ ආගමික වතාවත් සහ ගිලන් පස පුජාවන් සිදුකරනු ලබන අතර ජනාධිපතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් සහ මියගිය රණවිරු පවුල්වල ඥාතීන්  විසින් පහන් දැල්වීමට නියමිතය.

Read more

Local News