අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලූ ජනතාවට කඩිනම් සහන – ජනපති

Share

අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලූ ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙසත්, එහිදී මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලූ සහන පිළිබඳ සොයා බලමින් එම සියලූ පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලූ පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

Read more

Local News