Tuesday, March 19, 2024.

ගොවීන් සඳහා රජය මඟින් නොමිලේ ලබාදෙන කෘෂිරක්ෂණය පළමුවරට ක්‍රියාත්මක කෙරේ

Share

ගොවීන් සඳහා රජය මඟින් නොමිලේ ලබාදෙන කෘෂිරක්ෂණය පළමුවරට ක්‍රියාත්මක කෙරෙන බව අද (21) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

මේ අනුව වගා හානියකදී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් ගොවීන්ට වන්දි ලැබෙනු ඇත. මීට පෙර ගොවීන් රක්ෂණය කිරීමේ දී එක් ගොවියෙකුගෙන් රුපියල් 1350ක මුදලක් කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ලබාගත් නමුත් වර්තමාන ආණ්ඩුව විසින් එය අහෝසි කොට ගොවීන් නොමිලේ ම රක්ෂණය කරන බවත් ආණ්ඩුව මේ සඳහා රුපියල් මිලියන 5228ක් වැය කෙරෙන බවයි.

වී ගොවීන්ට පමණක් නොව බඩඉරිඟු ,සෝයා, අර්තාපල්, මිරිස්, මුං වගා කරන ගොවීන්ද මෙම වගා රක්ෂණ ක්‍රමයට ඇතුළත් කොට ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News