ලොකු ලූනු වගාකරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙලක්

Share

දේශීය බී ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති දේශීය ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය ලොකු ලූනු බීජ 50% පදනම මත ලොකු ලූනු වගා කරන ගොවිමහතුන් හට ලබා දීමේ විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා ගොවිමහතුන් සහ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ මස 27 වන ඉරිදා දින උදෑසන 10.00ට ගලේවෙල ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ ද, දහවල් 2.00ට සීගිරිය මහ විද්‍යාලයේ දී ද, පැවැත්වීමට නියමිත ය.

ලොකු ලූනු වගාකරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනූව ලොකු ලූනු බීජ කි.ග්‍රෑ.1 ක් රු.80 සහතික මිලක් යටතේ ද, රජයෙන් පොහොර සහනාධාරය ලබා දීමට ද, රු. 40,000ක රක්ෂණාවරණයක් ලොකු ලූනු වගා කරන ගොවීන් සඳහා රජය විසින් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more

Local News