රඹුක්කන සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්‍ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙලක්

Share

බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්‍ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමට නියමිත බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මාස 06 ක කාලය තුළ එම වැඩපිලිවෙල අවසන් කිරීම රජයේ සැලසුම වී ඇති බවයි.
රඹුක්කන සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන අනාරක්‍ෂිත බවත්, ඇතැම් ස්ථාන නායයාමේ හා වෙනත් අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් භූ විද්‍යායින්ගේ මතය වී තිබේ.
එම තත්ත්වයන්ට නිසි පිළියම් යෙදීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් බලවත් අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද ඔවුන් විසින් පෙන්වා දී තිබේ. එම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා අදාළ ආයතනවල පූර්ණ අධීක්‍ෂණය යටතේ කදුරට දුම්රිය මාර්ගය නිසි පරිදි හා විද්‍යානුකූලව සකස් කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

Read more

Local News