සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඔවුන් අධ්‍යාපන පද්ධතියට එකතුකර ගැනීමට අවධානය යොමු කරමින් පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු ගැසට් කර බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඔවුන් අධ්‍යාපන පද්ධතියට එකතුකර ගැනීමට අවධානය යොමු කර ඇති බව වැඩිදුරටත් පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ අනුව විදුහල්පති තනතුර පුරප්පාඩුව පවතින ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් බඳවාගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙතෙක් කාලයක් පුරා උසස්වීම් ලබාදීමේ සිදු වී තිබු ප්‍රමාදයන් වළක්වාගැනීමටත් අධ්‍යාපන පද්ධතිය තුළ පැවති සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත් පියවර ගත් බව ද පසුගියදා පැවැති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ මෙම නිලධාරීන් 85 දෙනාට අමතරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ නිලධාරීන් 263 දෙනෙකුට අදාළ උසස්වීම් ලිපි පසුගිය අප්‍රේල් මස ලබා දුන්නේය.