දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීම සෙවිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Share

දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ වැඩ වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීමේ සිද්ධි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ සඳහන් කළේය.

දුම්රිය ධාවනාගාරවල නවතා තිබූ එන්ජින් කිහිපයකට හා ලුණුවිල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය මාර්ගවල ස්ථාන කිහිපයකට කඩාකප්පල්කාරී පිරිස් විසින් හානි කර ඇති බව සමාන්‍යාධිකාරීවරයා පැවසීය.

කෙසේ වෙතත් සිය කණ්ඩායම් මෙම සිද්ධිවලට සම්බන්ධ නොමැති බව වර්ජනයේ නිරත දුම්රිය තාක්ෂණ නිලධාරී වෘත්තීය සමිති කමිටු පවසයි.

Read more

Local News