හම්බන්තොට ගල් කොරි සම්බන්ධව ලැබි ඇති පැමිණිලි සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක්

Share

පසුගිය කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගල් කොරි සම්බන්ධව ලැබි ඇති පැමිණිලි සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක් පෙරේදා (30) සහ අද (01) දිනයන්හීදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යන්ශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව දියත් කර තිබේ.

එහිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති තෝරා ගත් ගල් කොරි 30කට ගොස් එම කොරි පවත්වාගෙන යන ගල්කොරි හිමියන් හා සාකච්ජා කොට මෙම ගල් කොරි පවත්වාගෙන යාමේදී ඇති වන ගැටලු, ගල්කොරි පවත්වාගෙන යාමට ලබා දුන් නියමිත භූමි ප්‍රමාණය, මෙම කොරි පවත්වාගෙන යාමෙන් පරිසරයට හානි වී ඇත්ද, එසේ වී නම් ඒ සඳහා තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග කුමක් ද යන්න නිරීක්ෂණය කෙරිණි.

ජී.පී.එස්. තාක්ෂණය මගින් එම කොරි සඳහා අවසර ලබා දී ඇති භූමිය ඉක්මවා කැණීම්සි දුකර ඇත්ද යන්න පරීක්ෂණයන් ද සිදු කළේය.

Read more

Local News