හෙට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වල වෙනසක්

Share

හෙට (03දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන හා ඉන් පිටව යන ගුවන් ගමන් වාර කිහිපයක් වෙනස් වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

ඒ ඉන්දියානු සාගරයට ඉහළ අහසෙහි කලාපයට අයත් රටක් විසින් සිදුකරන පරීක්ෂණ ගුවන් ගමනක් ‌හේතුවෙනිි.

මේ හේතුවෙන් තම පාරිභෝගිකයන්ට සිදුවන අපහසුව පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, එම තත්ත්වය ගුවන් සමාගමේ පාලනයෙන් තොර තත්ත්වයක් බවද පෙන්වා දෙයි.

වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ඔබේ ගුවන් ගමන් නියෝජිත ආයතනය හෝ ඕනෑම දුරකථන ජාලයකින් 1979 අමතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධ කරගත හැකි බවද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

Read more

Local News