යතුරු පැදියක් ටිපර් රථයක ගැටී කාන්තාවක් මරුට

Share

සුරියවැව මොරකැටිය පාරේ වීරියගම ප්‍රදේශයේ දී අද (5) පෙරවරු‌වේ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිය පැදවු කාන්තාව මිය ගිය බව සුරියවැව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව සිය නිවසේ සිට යතුරු පැදියෙන් සුරියවැව නගරය දෙසට යාමට පැමිණ තිබේ.

එසේ යතුරුපැදියෙන් පැමිණ ඇති මෙම කාන්තාව අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය වෙත පිවිසෙනවාත් සමඟ ම මොරකැටිය දෙස සිට සුරියවැව දෙසට ආ ටිපර් රථයේ යතුරු පැදිය ගැටී තිබ‌ෙන බවටයි සඳහන් වන්න‌ේ.

Read more

Local News