CITES ජාත්‍යාන්තර සම්මන්ත්‍රණයේ ගිවිසුම් අත්සන් තැබීම අද

Share

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඉල්ලීමට අනුව ලොව වඳවී යෑමේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (CITES) මඟින් වසර 3කට වරක් පවත්වනු ලබන ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය 2019 වසරේ දී පැවැත්වීමට හා එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට CITES ස්විස්ටලන්තයේ ජිනීවා නුවර පිහිටි CITES ලේකම් කාර්යාලය තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපතිතුමා ප්‍රධාන කොටගත් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් එම සම්මන්තණය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළ ගිවිසුම, ශ්‍රී ලංකා රජය හා ජිනීවා නුවර පිහිටි CITES ලේකම් කාර්යාලය නියෝජිතයන් අතර අත්සන් තැබීම අද (06) පෙරවරු 10.15ට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දී සිදු කෙරේ.

Read more

Local News