ආයුර්වේද වෛද්‍යවරුන් සදහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක්

Share

ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය වෘත්තීක සංගමය සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,

ආයුර්වේද වෛද්‍යවරුන් සදහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සදහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව සහ භික්ෂු පරම්පරාව එකට බැදී පවතිනවා. ඒ සදහා වූ හොදම උදාහරණය පුජ්‍ය මාලේවන ඥානිස්සර හිමියන්. දේශීය වෛද්‍ය විද්‍යාව ඉදිරියට ගෙනයාමට උන් වහන්සේ විශාල කාර්යභාරයක් ඉටු කළා. දේශිය වෛද්‍ය විද්‍යාව පහතට ගමන් කළත්, බටහිර වෛද්‍ය විද්‍යාව සංවිධානාත්මකව ඉහළට ගමන් කරනවා. එම නිසා දේශීය වෛද්‍ය විද්‍යාවත් ඉදිරියට ගෙන යා යුතුයි. ආයුර්වේද ක්ෂේත්‍ර ය දියුණු කිරීමට නොහැකි වී ඇත්තේ වැඩකරන නිලධාරින්ගේ මානුෂිකත්වය ප්‍රාථමික වීම හේතුවෙන්. දියුණු මානසිකත්වයක් ඇති කර ගත යුතුයි. ඔවුන් සුදානම් වන්නේ වෙද මහත්තයා යන සංකල්පයේ තවදුරටත් කටයුතු කිරීමටයි.

ආයුර්වේද උපාධිධාරීන් 900 කට එකවර රැකියා ලබාදුන්නා. බටහිර වෛද්‍ය විද්‍යාව තුල පවතින පරිදි ආයුර්වේදයෙත් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ස්ථාපිත කිරිමට යෝජනා කළත්, නිලධාරීන්ට තවම එය සිදු කිරිමට නොහැකි වුනා. මගේ මැදිහත්වීමෙන් ආයුර්වේද වෛද්‍යවරුන් සදහා පස්වරු 4.00 න් පසු පෞද්ගලික වෛද්‍ය සේවා අවසරය ද ලබා දී තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරයා සහ බටහිර වෛද්‍යවරයා සම තත්ත්වයට ගෙන ආ යුතුයි. නැතිනම් වෛද්‍ය වෘත්තීය සම තත්ත්වයට පත් කරන්න බැහැ.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දියුණූ කිරිම සදහා ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වුවත්, ඉන්දීය විරෝධයක් මතු වුනා. එම විරෝධය මතු කළ පුද්ගලයින්ගේ මොළය සුද්ද කිරීමට වෙනත් ඖෂධයක් සොයාගත යුතුයි. ඉන්දියාවෙන් ගිලන් රථ ගෙනඒමට සුදානම් වූ අවස්ථාවේ දී ඊට ගල් ගහන්නත් කිවුවා. බුදුරජාණන් වහන්සේ මේ දිනවල ලංකාවේ වැඩ සිටියේ නම් ඊටත් විරෝධය පළ කරයි. මොකද බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබූ නිසා.

මෙහිදී මහා සංඝරත්නය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සම්මානයක් ද පිරිනමන ලදි.

Read more

Local News