රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000ක් වගා කිරීමට සාකච්ඡා ක‌ෙරේ

Share

රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000ක් වගා කිරීමට සාකච්ඡා කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බස්නාහිර පළාතේ කර්මාන්ත දියුණුව ඇතිවන විට පොල්, රබර් ගස් කැපෙන බවත් එම නිසා රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000 ක් වගා කිරීමට අප සාකච්ඡා කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

වව්නියාව මාන්කුළම ප්‍රදේශයේ අක්කර 10,000 ක් පමණ ඒ සඳහා ලබා ගැනීමට අප බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා එම කටයුතු ඉදිරියට කර ගෙන යන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

Read more

Local News