මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක් ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

ග‍්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව කි‍්‍රයාවට නංවා තිබෙන සශ්‍ය ශක්ති ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක‍්‍රමය වන මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ගොවි පවුල් තුන්දහසක් තෝරා ගනිමින්, අක්කර තුන්දහසක සූර්යබල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සශ්‍ය ශක්ති ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කෙරේ.

ලොකු ලුනු සහ මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හා දැනුම ලබාදෙමින් ගොවින්ගේ හා රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ විචල්‍ය වූ දේශගුණික රටාව නිසා ඇතිවන නියඟයට මුහුණදීමත්, විදුලිබලය හා ඉන්ධන භාවිතය අවම කර ගැනීමත් මෙහි ප‍්‍රමුඛ අරමුණු වෙයි.

Read more

Local News