ශ්‍රී ලංකන් අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමට ගුවන් නියමුවන් 3 දෙනෙක් කැඳවයි

Share

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සාක්ෂි විමසීම සඳහා අද (13) ගුවන් නියමුවන් 03 දෙනෙකු කැඳවා තිබේ.

සාක්ෂි විභාගය අද උදෑසන 10.00 ට ආරම්භ කෙරුණි.

මීට පෙර කොමිසම සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් හා සමාගම් රෙජිස්ටාර් අංශය භාර කළමනාකරණ සහකාරවරයාගෙන් මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් ආයතනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගත්තේ ය.

Read more

Local News