නිතිවිරෝධීව තිරිඟු ඇට ගෙන් වූ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර – අමාත්‍ය මහින්ද අමරවීර

Share

පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ත්ව ආහාර සැකසීම සඳහා තිරිඟු ඇට බහාළුම් 107ක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු හෙළි කරගෙන තිබේ.

ඒ අනුව මෙම තිරිඟු බහාළුම් අත්අඩංගුවට ගැනීමටත්, ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, බලපත්‍රය අහෝසි කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

එමෙන් ම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයාට ද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

Read more

Local News