නීතිවිරෝධී ගිවිසුම් අවලංගු කර චිත්‍රපට බෙදාහැරීමේ බලය චිත්‍රපට සංස්ථාවට ලබාගත්තා – විජයදාස රාජපක්ෂ මහතා

Share

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,

නීතිවිරෝධී ගිවිසුම් සියල්ල අවසන් කර චිත්‍රපට බෙදා හැරීමේ අනන්‍යය බලය චිත්‍රපට සංස්ථාවට ලබාගත් බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

පනත අනුව චිත්‍රපට බෙදා හැරීමේ බලය චිත්‍රපට සංස්ථාවට තිබුණා. එය අදත් තිබෙනවා. පසු කාලීනව සමාගම් තුනකට ගිවිසුමක් මඟින් ද තවත් සමාගමකට වාචිකවත් චිත්‍රපට බෙදා හරීමට බලය ලබා දී තිබුණා. මේ කාලය තුළ චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ශාලා 74ක් වැසී ගිය බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පවසා සිටියේ ය.

Read more

Local News