කලුතර – බේරුවල පොසොන් කළාපය හෙට ආරම්භ ව‌ෙයි

Share

“ශ්‍රද්ධාභි වන්දනා” කලුතර – බේරුවල පොසොන් කළාපය හෙට (27) ආරම්භ වන අතර එය ලබන 30 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්විම යටතේ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වෙළෙඳ සංගම්, බෞද්ධ සංගම් ඇතුලු සියලු ම රාජ්‍ය ආයතන එක්ව ම‌ෙය සංවිධානය කෙරේ.
හෙට (27) කළුතර බෝධිය අසල පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනින් පොසොන් කළාපය ආරම්භ වන අතර, එදින වියළි ආහාර බෙදාදිම, දන්සල, තොරණ ප්‍රදර්ශණය කිරීම ද ඇතුලත් වෙයි.
ලබන 28 දින භික්ෂූන් වහන්සේලා සියක් නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් ද පැවැත්වෙයි. එදින ද විවිධ ස්ථානවල දන්සල පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලබන 29 දින සර්ව රාත්‍රික පිරිත් දේශණයක් ද පැවැත්වෙයි. පොසොන් බැති ගී ප්‍රසංගයක් ද පැවැත්වෙයි.
පොසොන් කළාපය සඳහා කූඩු ඉදිරිපත් කළ සහ බැති ගී සඳහා සහභාගි වූවන් සඳහා ත්‍යාග පිරිනැමීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන (30) දින පෙරවරු 10.00 ට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

Read more

Local News