විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් අවසන්

Share

දැනට පවතින සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් මඟහැරෙනු ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

පෙරේදා (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් අලුතෙන් ඇනවුම් කළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාව අනුව නව විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කිරීම සඳහා වන කටයුතු අද (28) ආරම්භ කළ බවද රණසිංහ මහතා  කීය.

එම ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ”සියලුම රටවල් සඳහා” යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බවද ආගමන හ විගමන පාලක ජනරාල්වරය පැවසී ය.

Read more

Local News