ශ්‍රී ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය සියතට

Share

ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම (LK Domain Registry) විසින් 8 වන වසරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරඟයේ (Best Web 2018) නිල ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන, අන්තර්ජාල ව්‍යාපාර සහ වෙනත් සේවා අංශවල වෙබ් අඩවි දෙසීයකට අධික ප්‍රමාණයක් අභිබවා යමින් ශ්‍රී ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවිය ට හිමි රන් සම්මානය www.SiyathaNews.lk අප වෙබ් අඩවිය වෙත හිමිවිය.

එසේම Voice of Asia මාධ්‍ය ජාලයේ Kiss FM නාලිකාවේ වෙබ් අඩවියට Special Merit සම්මානයක්ද හිමිවිය.

සත්‍ය සියතට ගත් වැදගත් ප්‍රවෘත්ති සැමට ප්‍රථමයෙන් ඔබට ගෙන එන සියත ප්‍රවෘත්ති සමග රැඳී සිටින ඔබට අපගේ ස්තුතිය

Read more

Local News