දුම්රිය මැදිරි ආරක්ෂාවට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන්

Share

කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි.

විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් දුරගමන් සේවා සඳහා යොදාගන්නා දුම්රිය වලට යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන් වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකරගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු අවධාරණය කළේ දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගීවෙමිනි.

දුම්රිය සේවාව නඟා සිටුවීම සඳහා මේ වන විට රජය විසින් නව දුම්රිය එන්ජින් 25 ක් සහ බලවේග කට්ටල 15 ක්මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා මිලදී ගැනීමට අවශ්‍ය කටුයුතු මේ වන විට අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා. ඒවා ලබන වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපට හැකි වෙනවා. මෙම ප්‍රධාන දුම්රිය මාර්ග මෙන්ම කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් සහණ ණයක් ලබාදීමට එකඟ වී තිබෙනවා.ඉදිරි කාලයේදී දුම්රිය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත්වෙනවා. රජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු කරන්නෙ නැහැ. නමුත් මෙය තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකියි. ඒ සඳහා විකල්ප වැඩ පිළිවෙලක් රජය
ආරම්භ කළ යුතුයි.

Read more

Local News