අධික උෂ්ණත්වයෙන් කැනඩාවේ ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළට

Share

කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ මොන්ට්‍රියෙල් ප්‍රදේශයේ පුද්ගලයින් 12 ද‌ෙන‌ෙකුත්, නැග‌ෙනහිර ප්‍රද‌ේශයේ නගරවල පුද්ගලයින් 05 ද‌ෙන‌ෙකුත් සහ ලාවාර් නගරයේ එක් පුද්ගලයෙකුත් වශය‌ෙනි.

ම‌ෙමගින් කියුබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියෙල් ගම්මානයට මෙමගින් වැඩිම බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ම‌ෙල‌ෙස උෂ්ණත්වය ඉහලයාම සම්බන්ධය‌ෙන් මොන්ට්‍රියෙල් ප්‍රදේශයේ ජනතාව ව‌ෙත මීට ප‌ෙර අනතුරු ඇඟවීම් නිකුත් ඇති අතර තවදුරටත් ප්‍රද‌ේශවාසින්ට අවධානයෙන් සිටින ල‌ෙසයි එරට බලධාරීන් පවසන්න‌ේ.

පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා වන විට උෂ්ණත්වය වැඩිවීම සහ ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළ සියයට 8කින් වැඩි වී ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

(ලක්ෂිණි ප‌ෙ‌රේරා)

Read more

Local News