2018 ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟ හ‌ෙට ආරම්භ ව‌ෙයි

Share

2018 ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට කණ්ඩායම් හතරක් ‌මේ වන විට ත‌ේරී පත්වී ති‌බේ.

ඒ අනුව ප්‍රංශය, බ‌ෙල්ජියම, ක්‍ර‌ෙඒෂියාව සහ එංගලන්තය අතර අවසන් පූර්ව වටයේ තරඟ පැවැත්වීමට නියමිතයි.

ඉන් පළමු තරඟය හ‌ෙට (10) දින ස‌ෙයින් පීටරස්බර්ග් ක්‍රිඩාංගනයේ දී ප්‍රංශය සහ බ‌ෙල්ජියම අතර පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.

ප්‍රංශය සහ බ‌ෙල්ජියම අතර පැවැත්වීමට නියමිත තරඟය හ‌ෙට රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර එංගලන්ත පාපන්දු කණ්ඩායම් නායක හැරී ක‌ේන් ල‌ෝක කුසලාන අවසන් පූර්ව වටය සඳහා බලා සිටින බවට පවසමින් තම ටිව්ටර් ගිණුමේ සටහනක් ද තබා තිබේ. එම‌ෙන්ම හැරී ක‌ේන් මුලු තරඟාවලියේ ම වැඩිම ග‌ෝල  සංඛ්‍යාවකට හිමිකම් කියමින් රන් සපත්තුව දිනා ගැනීමේ සටනේ පළමු ස්ථානයේ පසුවන ක්‍රීඩකයා වන අතර එම සටනේ ද‌ෙවන ස්ථානයේ පසුවන්නේ බ‌ෙල්ජියම කණ්ඩායමේ ක්‍රීඩක ර‌ොමේලු ලුකාකූ යි.

Read more

Local News