තායිලන්ත අගමැති අනිද්දා ශ්‍රී ලංකාවේ සංචාරයක

Share

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා ලබන 12 හා 13 යන දිනවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තරකර ගැනීම සංචාරයේ අරමුණ වේ.
නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්වෙනු ඇත.
තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News