තායිලන්ත අගමැති අද දිවයිනට

Share

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (12) දින ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

කොටුවේ ජනාධිපති කාර්යාලයේ දි තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නිල පිළිගැනිමේ උත්සවයකින් සංවිධානය කොට ඇති අතර ඒ වෙනුවෙන් හමුදා ආචාර පෙළපාළියක් හා ආචාර වෙඩි මුර 19ක් ද පැවැත්වේ.

අනතුරුව ජනරාල් ප්‍රායුම් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික සකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව තායිලන්තය සහ ශ්‍රි ලංකාව අතර අවබෝධතා ගිවිසුමතට අත්සන් තැබේ.

හ‌ෙට (13) තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡා කරනු ඇත.

ඉන් අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය, ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් පැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනිමට නියමිතය.

Read more

Local News