හෙට (20) රාත්‍රී 9 සිට පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.
ඒ අනුව බේස්ලයින් පාරේ කැළණි පාලම මංසන්දියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලූ අතුරු මාර්ග මෙන්ම හෙට්ටිවීථිය සහ සියලූ අතුරුමාර්ගවල, කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති බවටයි සඳහන් වන්නේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් සඳහන් කළේ, මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.