මාවනැල්ල රෝහලේ තෙමහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

Share

මාවනැල්ල මූලික රෝහල සඳහා රුපියල් ලක්ෂ 3400ක් වැයකර සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
එම ව්‍යාපෘතිය යටතේ ඉදි කළ තෙමහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පැවරීම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අතින් සිදුවිය.
මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 3400ක් වැයකර තෙමහල්, සිව් මහල් සහ පස්මහල් ගොඩනැගිලි සංකීර්ණ තුනක් සබරගමුව පළාත් සභාව මගින් මාවනැල්ල මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇත.
මාවනැල්ල මූලික රෝහල තුළ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුලින් නව ඇඳන් 250යුත් නව වාට්ටු සංකීර්ණය, ශ්‍රවනාගාර, ශල්‍යාගාර, පරිපාලන ඒකක, එක්ස් රේ කිරණ ඒකක ඇතුළු පහසුකම් රැසක් ප්‍රදේශවාසීන් සඳහා හිමි වී ඇත.

Read more

Local News