ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නැහැ – අමාත්‍ය සාගල රත්නායක

Share

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නැතැයි තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා ‌මේ පැවසී ය.

ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නෑ. ගොඩනැගිල්ල පිළිබඳ ප්‍රශ්නය ඉවත් කරගන්නේ කෙසේද කියලා බලන්න ඕන. කොග්ගල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ගැන සැලැස්මක් තිබෙනවා. ගාල්ල නගරය මැද තිබෙන ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නෑ.

Read more

Local News