හොඬය ආධාරයෙන් ඇවිද යන අලි පැටවෙකු මත්තල දී හමුවෙයි

Share

උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී ප‌ෙ‌රේදා (22) වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබේ.

මේ දිනවල හම්බන්තොට සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව දියත් කරමින් තිබෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට මෙම අලි පැටවා හමු වී ඇත.

ඉදිරි පාදවල ඇති ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඇවිදයාම සඳහා අලි පැටවා සිය හොඬය ආධාර කරගනී.

Read more

Local News