පකිස්තාන මැතිවරණය මැද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Share

පාකිස්තානයේ අද (25) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මිලියන ගණනක් පිරිස සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටිති.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වෙමින් තිබෙන අතර, ‘ක්වෙටා’ නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 27ක් පමණ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තවත් ස්ථාන කීපයකින් වාර්තා වූ සුළු පිපිරීම් සහ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් එක් අයෙකු මියගොස් කීප දෙනෙකු තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක කටයුතු පුරාවට දූෂණ, වංචා සහ ප්‍රචණ්ඩත්වය දැකිය හැකි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Read more

Local News