දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරිම අද

Share

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකළ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) සිදු කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 612 කි.

මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මේ සෑම ගොඩනැගිල්ලක ම ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

Read more

Local News