යුද හමුදා සහයෙන් වැව් ප්‍රතිසංස්කරණය කෙරේ – ත්‍රිකුණාමලයේ වැව් 24 ක් ප්‍රතිසංස්කරණය කර අවසන්

Share

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ 2017 වසරේ ‘සිරිසර පිවිසුම’ ජාතිය ගොඩනැගීමේ ව්‍යපෘතියට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 24 ක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇත.
මීට අමතරව, මේ වසර අවසන්වීමට පෙර තවත් වැව් 25ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇති අතර අවට ප්‍රදේශවල ජිවත්වන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අතහැර දැමු වැව් 9ක් ප්‍රමුඛත්වයක් මත ප්‍රතිසංස්කරණය කරනු ලබයි.
තවද ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ අදාල ප්‍රදේශයන්හි බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව පාසල් ක්‍රීඩාංගණ, මහාමාර්ග, විහාරස්ථාන, මහජන ගොඩනැගිලි, ගුරු නිවාස, ප්‍රජාශාලා, මුස්ලිම් පල්ලි, කෝවිල්, වෙළඳ සංකීර්ණ සහ පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනු ලබයි.

Read more

Local News