ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්.පි. සන්දනායක මහත්මිය අද (02) වැඩ භාර ගත්තාය.
ඒ මාලිගාවත්ත නව මහලේකම් කාර්යාලයේ දෙවැනි මහලේ පිහිටි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් කාර්යාලයේදීය.
ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස මිට පෙර කටයුතු කළ අබ්දුල් මජිඩ් මහතා පසුගියදා විශ්‍රාම ගියේය . ඔහුගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩුව පැවති රාජ්‍ය ලේකම්ධුරයට ඩබ්ලිව්.පි. සන්දනායක මහත්මිය පත්කිරීමට පසුගිය 31දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණ කර තිබුණි.
රාජ්‍ය ලේකම්ධුරයේ අද වැඩ භාරගත් සන්දනායක මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන අතර මිට පෙර ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාලන ලෙසද කටයුතු කර ඇත. සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස වසර 10 ක් හා ප්‍රාදේශීය ලේකම් ලෙස වසර 10ක් රාජකාරී කර ඇති එතුමිය වනජීවී සහ තිරසර සංවර්ධන, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම් පාලන ලෙස රාජකාරී කර ඇති අතර නව රාජ්‍ය ලේකම්ධුරයට පත්වීමට පෙර ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාලන ලෙස රාජකාරි කරමින් සිටියාය.