බදු ඉහළ දැමීමට සිදු වුණේ වාහන අනයනයට වැය වන මුදල දෙගුණයකින් වැඩි වීම නිසයි – අමාත්‍ය මංගල සමරවීර

Share

මෙරටට ගෙන්වන ලද සී.සී.1000 සහ ඊට අඩු ධාරිතාවයෙන් යුත් මෝටර් රථ සඳහා අය කරන බද්ද වැඩි කිරීමට සිදු වුණේ, ඒ වෙනුවෙන් වැය වෙන විදේශ විනිමය ප්‍රමාණය දෙගුණයකින් ඉහළ යම නිසා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වාහන ආනයනයට වැය වන විශාල මුදල් ප්‍රමාණය නිසා රටේ විදේශ විනිමය අනුපාතනයට ඇතිවන පීඩනය අවම කර ගැනීමේ අරමුණින් මහ බැංකුව සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසුවේ ය.

පසුගිය වසරේ මෙම ධාරිතාවයෙන් යුත් වාහන මසකර 1000ක් පමණ මෙරටට ගෙන්වා තිබේ. මෙම වසරේ මුල් මාස පහ තුළ වාහන 4500ක් ගෙන්වා ඇත. මෙම වාහන ආනයනය කිරීම වෙනුවෙන් 2017 වසරේ ඇමෙරිකානු  ඩොලර් මිලියන 316ක් වැයකොට ඇති අතර මේ වසරේ මුල් මාස පහ තුළ පමණක් මෙම ධරිතාවයේ වහන ගෙන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 666 වැය කොට ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Read more

Local News