ඉන්දියන් සාගරයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා ඉලක්කයට චීනයේ පූර්ණ සහාය

Share

ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන කොමියුනිස්ට් පක්ෂයේ හා එරට ජනතාවගේ පූර්ණ සහාය ලැබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ග්ඕ යෙජු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යෙජු මහතා මේ අදහස් පළ කළේ ඊයේ (02) උදෑසන අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය.

Read more

Local News