වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක ක‌ෙ‌රේ

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ති‌බේ.

මෙම වැඩපිළිවෙළ යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිතය.

මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) සිදු කෙරේ.

මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.

Read more

Local News