වැල්ලවාය රණ්දෙනිය ගොඩගල රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණ්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ මීදෙනිය ගොඩගල රක්ෂිතයේ ඊයේ (5) ගින්නක් හටග‌ෙන තිබේ.

ගින්න නිසා රක්ෂිතයේ අක්කර සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ගින්න මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යමින් පවති.

මෙම ගින්න හටගත් ප්‍රදේශය කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් වන අතර මෙම රක්ෂිතයේ ඖෂධ පැළෑටි ඇතුළු දුර්ලභ ගනයේ ශාක රැසක් තිබූ බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

Read more

Local News