Tuesday, March 19, 2024.

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (05) ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය තුළ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

හලාවත සිට නාවික සැතපුම් 117 ක පමණ දුරකින් ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත.

ඒ අනුව, නීති විරෝධී ලෙස මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී, පිරිමි පුද්ගලයින් දහනවදෙනෙකු (19) සහ කාන්තාවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

අනතුරුව මෙම පුද්ගලයින් කොළඹ, වරාය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කළ‌ේය.

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කොළඹ, වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News