ගොවීන්ට හිඟයකින් තොරව ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නවා – අමාත්‍ය මහින්ද අමරවීර

Share

“වැව් දහසක්- ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ අපේ රටේ නටබුන් බවට පත්වෙමින් තිබෙන මහා වැව් පද්ධතිය යළි ප්‍රතිසංවර්ධනය කර අපේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කළ හැකි වන අයුරින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “වැව් දහසක් ගම් දහසක්” යටතේ සංවර්ධනය කෙරුණු 297 වන වැව වන හිඟුරක්ගොඩ කටුකැලියාව පහළ සියඹලාවැව සංවර්ධනය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී ගොවීන්ට කොස්පැළ හා වෙනත් පැළ වර්ග ද, කාබනික පොහොර ද අමාත්‍යවරයා අතින් බෙදා දුන්නේය.

Read more

Local News